ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අවසන් පූර්ව තරගය අද !

ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය සංවිධානය කරන බටහිර ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පළමු අවසන් පූර්ව වටයේ තරගය අද ( 18 ) දියගම ජපන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මෙවර ‘ ඒ ‘ කාණ්ඩයෙන් තරගාවලියට පිවිසි අතර එහිදී ඉන්දියාව සහ නේපාලයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගත්තේය. එහිදී ඉන්දියාව ලකුණු 2-1 කින් සහ නේපාලය ලකුණු 13-0 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම සමත් විය.

ඒ අනුව දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය ‘බී ‘ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම වන පකිස්තානය සහ ඉන්දියාව අතර තරගය ද අද පස්වරු 1.00 ට පැවැත්වීමට නියමිතය.

පාකිස්තානය අවසන් පූර්ව වටයට දක්වා අපරාජිත බව රැකගැනීමට සමත් වූයේ මූලික වටයේ තරගවලදී ඉරානයට එරෙහිව ලකුණු 11-1 ක ජයක්ද, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 17-0 ක ජයක්ද වාර්තා කරමිනි.

අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වන කණ්ඩායම් දෙක අතර තරගාවලියේ තෙවැනි ස්ථානය තොරා ගැනීම සඳහා (ලෝකඩ පදක්කම වෙනුවෙන්) හෙට (19 වැනිදා) පස්වරු 1.00 ට තරගයක් පැවැත්වෙන අතර අවසන් මහ තරගය (රන් සහ රිදී පදක්කම් වෙනුවෙන්) පැවැත්වෙන්නේ 20 වැනිදා පස්වරු 2.00 සිටය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.