හරීන්ගෙන් ක්‍රිකට් ආයතනයට රතු එළියක් !

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනය වෙත ලිපියකින් දන්වා තිබේ.

ඉන් අනතුරුව ඔවුන්ගේ කොන්ත්‍රාත්තු පිලිබඳ සලකා බලන ලෙසටත් අදාළ ලිපියේ සඳහන් බව වාර්තා වෙයි.

ගෙවීගිය මාස 17ක කාලය තුලදී හතුරුසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්දින තරග 28කින් ජය ගැනීමට හැකිව ඇත්තේ තරග 8ක් පමණි. එමෙන්ම එම කාලය තුළදී ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිව ඇත්තේ එක් විස්සයි 20 තරගයක් සහ ටෙස්ට් තරග 3 කුත් පමණි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.