ජිමී නීෂම්ට ගුරුහරුකම් දුන් ඩේවිඩ් ජේම්ස් සුපිරි පන්දුවාරය අතරතුරදී මිය යයි !

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ජිමි නීෂම්ට කුඩා කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉගැන්වූ ඩේවිඩ් ජේම්ස් ගෝර්ඩ්න් පසුගියදා නිමාවට පත්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරවාරයේදී ජීවිතයෙන් සමු ගැනීමට සිදුවිය. ඒ සුපිරි පන්දුවාරය අතරවාරයේ ජිමී නීෂම් ජොෆ්රා ආචර්ට දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමත් සමග ලෝක කුසලානය පිළිබඳ මහත් බලාපොරොත්තු තබා ගැනීමත් සමගය. එහෙත් සුපිරි පන්දුවාරය ද සමවීම හේතුවෙන් එංගන්තයට වැඩිම හතරේ සහ හයේ පහර එල්ල කිරීම මත ජයග්‍රහණය පිරිනැමීමත් සමග එය දරාගත නොහැකිව තම පියා ජීවිතක්ෂයට පත් වන්නට ඇතැයි ජේම්ස් ගෝර්ඩ්න්ගේ දුව විදෙස් මාධ්‍යකට එක් වෙමින් කරුණු දක්වා තිබේ.

ඩේව්ඩ් ජේම්ස් යනු නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක ගුරුවරයෙකු මෙන්ම දක්ෂ ක්‍රිකට් ආචාර්යවරයෙකි. වසර 25ක පමණ කාලයක් මුළුල්ලේ ක්‍රිකට් ක්‍රීඩාව උගන්වමින් සිටි ඔහුට මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදු වීම පිළිබඳ ජිමී නීෂම් ද තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙසේ ප්‍රකාශ කර තිබුණි.

‘‘ ඩේව්ඩ් ගොර්ඩන් මගේ කුඩා කාලයේ ගුරුවරයා, පුහුණුකරුවා වගේම හොඳ මිතුරෙක්. ඔබ මේ ක්‍රීඩාවට දැක්වූ ආදරය ඉතා ඉහළයි. විශේෂයෙන්ම ඔබ යටතේ ක්‍රීඩා කරන්න ලැබීමට හැකි වීම අප ලද වාසනාවකි. ඔබ ලබාදුන් හැමදේටම බොහෝමත් ස්තූතියි. ඔබට නිවන් සුව !

ලොකී ෆර්ගිවුසන් ද ඩේවිඩ් ජේම්ස්ගෙන් ගුරුහරුකම් මැද ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගත් මෙන්ම දැනට නවසීලන්ත ජාතික කණ්ඩායමට නියෝජනය කරන තවත් ක්‍රීඩකයෙකි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.