පිතිකාරියන් 9 දෙනෙකුම බිංදුවට දැවී යයි – මාලි වාර්තා පොත් අතරට !

ක්විබුකා කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මාලි කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් රුවන්ඩා කාන්තා කණ්ඩායම කඩුලු 10 ක වාර්තාගත ජයක් ලැබීමට ඊයේ ( 18 ) සමත් විය. ඒ, මෙතෙක් ඉතිහාසයේ කාන්තා කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාලීමේ වාර්තාව ඔවුන් සතුකරගනිමිනි. එහිදි මාලි කාන්තා කණ්ඩායමට පන්දුවාර 9 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 6ක් පමණි. එහිදි මාලි කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනි මේරියම් සමාකේ එක් ලකුණක් රැස් කිරීමට සමත් වුවද සෙසු පිතිකාරියන් 9 දෙනෙකුටම එකදු ලකුණක්වත් ලබා ගැනීමට රුවන්ඩා කාන්තා පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජොසියන් නයිරන්කුන්ඩිනෙසා පන්දුවාර 2කදී එකදු ලකුණක්වත් ලබා නොදී කඩුලු 3ක් බිද හෙලීමට සමත් වූවාය. ඇයට අනගි සහයක් ලබාදුන් මාගරයිට් විමිලියා සහ මාරි බිමේනිමාන ද කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 7ක ඉලක්කය හඹාගිය රුවන්ඩා කාන්තා කණ්ඩායම පන්දු 4කදී කිසිවෙකු නොදැවී සිය ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ අනුව මෙම ජයග්‍රහණය වාර්තා වූයේ කාන්තා විස්සයි 20 ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම පන්දු ප්‍රමාණයක් ඉතිරිව කණ්ඩායමක් ලැබූ ජයගහණයක් ලෙසයි. ඒ අනුව පන්දු 120 න් පන්දු 116ක් ඉතිරිව ඔවුන් මෙම තරගය ජය ගැනීමට සමත් විය.

මීට පෙර කාන්තා ක්‍රිකට් කන්ඩායමක් විස්සයි 20 ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී යාමේ වාර්තාව සතුවූයේ චීන කාන්තා ක්‍රිකට් කණ්ඩායමටයි. ඔවුන් මෙලෙස අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවීයන ලද්දේ මෙම වසරේ ජනවාරි මාසයේ පැවති තරගයකදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම හමුවෙයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.