කටාර් රාජ්‍යයට ලෝක පාපන්දු තරගාවලිය දුන් හැටි ප්‍රංශය ප්ලැටිනි ගෙන් ප්‍රශ්න කරයි

2022 ලෝක කුසලානය කටාර් රාජ්‍යයට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් හිටපු යුරෝපා පාපන්දු සංගමයේ සභාපති මයිකල් ප්ලැටිනි ගෙන් ප්‍රංශ දූෂණ විරෝධී විමර්ශකයින් ප්‍රශ්න කර තිබේ.

63 හැවිරිදි ප්ලැටිනි ආචාර ධර්ම උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් තහනම් කරන තෙක් යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ප්‍රංශයේ හිටපු මිඩ්ෆීල්ඩර් ක්‍රීඩකයෙක් සහ තුන් වතාවක් බැලන් ඩි ඔර් ජයග්‍රාහකයා වූ හෙතෙම එම චෝදනා සෑම විටම ප්‍රතික්ෂේප කළේය.

2022 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම සඳහා කටාර් රාජ්‍යය ,ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ ජපානය 2010 දී ලංසු තැබීය.

අඟහරුවාදා බටහිර පැරීසියේ උප නගරයක් වන නැන්ටෙරේහිදී ප්ලැටිනි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලැබීය. ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ඔහු එක්සත් රාජධානියේ වේලාවෙන් මධ්‍යම රාත්‍රියට ටික වේලාවකට පෙර අත්අඩංගුවෙන් නිදහස් කර ඇති බවයි.

2018 සහ 2022 ලෝක කුසලානවලට සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නිලධාරීන් පසුගිය වසර දෙකක කාලය තුළ විමර්ශනය කර ඇති අතර 2017 දී ලෝක පාලක මණ්ඩලයේ හිටපු සභාපති සෙප් බ්ලැටර් ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් ප්ලැටිනිගේ නීති නිලධාරීන් කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගෙන නොමැති බවත් “යුරෝ 2016′ ප්‍රදානය කිරීමේ දී වූ කොන්දේසි ඇතුළු සියලු ප්‍රශ්නවලට ප්‍රයෝජනවත් පැහැදිලි කිරීම් ලබා දී ඇති බවත්ය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.