හිෂාන් වැල්මිල්ල
ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ සඳහා පනතක් සම්මත කර ගැනීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ජයග්‍රහණයක් බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.
ක්‍රීඩා අමාත්‍යවරයා www.srilankasports.com වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසිය .
මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා
” ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව තුල මෙවැනි දෙයක් සිදුවෙලා නැහැ . දුෂණ වැළැක්වීම සඳහා දුෂණ මර්ධන ඒකකයක් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වර්ෂ 2000 දී හැදුවත් ලෝකේ ගොඩක් රටවල් මේක නීතියක් හැටියට සම්මත කරගෙන තිබුනේ නැහැ .ලෝකයේ දියුණු රටවල් එංගලන්තය ,ඔස්ට්‍රලියාව දකුණු අප්‍රිකාව වගේ රටවල විතරයි මේ නිතිය හරියට තියෙන්නේ. ඉන්දියාවේ පාකිස්තානයේ වත් නැහැ. ආසිතික රටවල් වලින් ප්‍රථම රට හැටියට ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්වෙනවා මෙවැන්නක් සම්මත කිරීම සම්බන්දයෙන් .”
“මේකට සම්බන්ධ වෙච්ච නීතිපති දෙපාර්තුමේන්තුවට විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා . ඒ වගේම ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ප්රසංශාවට ලක් වෙන්න ඕනේ මෙවැනි දෙයක් කිරීම සම්බන්ධයෙන් ”
මේ පනත ගෙන ඒමේදී ඇතිවූ විවිධ බාධාවන් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළේය.
“ඇති වෙච්ච් තර්ජන ගර්ජන එහෙම නැත්නම් යටින් ගහපු ගේම් ,ප්‍රමාද කිරීම් මේ සියලු දේ වලට හසු නොවී කෙලින් මේ කටයුතු කිරීමට හැකියාව ලැබීම මම ගොඩක් ආඩම්බර වෙනවා වහෙම සතුටු වෙනවා .”

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පනත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම සඳහා අද (නොවැම්බර් 11 වෙනිදා) පාර්ලිමේන්තුව පෙරවරු 11.00 ට රැස්වීය .
ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීම උදෙසා කෙටුම්පත් කරන ලද මේ විශේෂ ක්‍රීඩා පනත නොවැම්බර් 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද යම්කිසි ප්‍රමාද දෝෂයකින් හෝ අතපසුවීමකින් එය න්‍යාය පත්‍රයට ඇතුළත් ව නොතිබිණි.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර අදාල පනත නැවත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස හෙතෙම අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව විශේෂ සැසිවාරයක් සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළේය

Be the first to comment