විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරිට

ලෝක කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර  ඒ අනුව කණ්ඩායමේ නයකත්වය චමරි අතපත්තුට හිමිව තිබේ.

තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති 20 හැවිරිදි සත්‍යා සන්දීපනි ද ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට එක් වෙද්දී, ජ්‍යෙෂ්ට ක්‍රීඩිකාවන් වන ඉනෝකා රණවීර සහ ඕෂධි රණසිංහට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොතිබිම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කාන්තා එක්දින කණ්ඩායමේ නායිකා සශිකලා සිරිවර්ධන, උදේශිකා  ප්‍රබෝධනි සහ සුගන්ධිකා කුමාරි යන ජ්‍යෙෂ්ට ක්‍රීඩිකාවන් ද මෙවර තරගාවලියට එක්ව ඇති අතර, හර්ෂිතා මාධවිට කණ්ඩායමේ උප නායකත්වය හිමිව තිබේ.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය – චමරි අතපත්තු ( නායිකා ), හර්ෂිතා මාධවි ( උප නායිකා ), අනුෂ්කා සංජීවනි, හංසිමා කරැණාරත්න, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, අමා කාංචනා, කවීෂා දිල්හාරී , උදේශිකා ප්‍රබෝධනි, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනි, උමේෂා තිමාෂිනි, සුගන්ධිකා කුමාරි, ඩිලානි මනෝදරා

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.