මැතිවුස්  විස්සයි 20 ට යළි කැදවයි

එළඹෙන 2020 වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් නම් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහු ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමට එක්වනු ලබන්නේ මාස 18කට පසුව වීම විශේෂත්වයකි.

ඇන්ජලෝ මැතිවුස්ට අමතරව ධනංජය ද සිල්වාට ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ ස්තානයක් හිමිව ඇතිමුත් තිසර පෙරේරාට කණ්ඩායමේ ස්තානයක් හිමිව නොතිබීම කාගේත් අවධානයට යොමුව තිබේ.

මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැඳවා ඇත්තේ පන්දු යවන්නකු වශයෙන් ඕවර 2 ක් වත් යැවීමට යොදාගැනීමේ අදහස ඇතිවය. මැතිව්ස් සහ දසුන් ශානක දෙදෙනාට ඕවර 4 ක් බෙදාගත හැකි නම් හෝ හොඳින් පන්දු යවන අවස්ථාවකදී දෙදෙනාගෙන් අයකුට ඕවර 4 ම යැවිය හැකිනම් අතිරේක පිතිකරුවකු කණ්ඩායමට එකතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට ලැබෙනු ඇත. එවන් අවස්ථාවකදී ශ්‍රී ලංකා පිලේ සංයුතිය පිතිකරුවන් 7 ක් සහ පන්දු යවන්නන් 4 ක් වනු ඇත. ධනංජය ද සිල්වා නැවතත් විස්සයි-20 කණ්ඩායමට කැඳවා ඇත්තේ පන්දු යවන්නකු වශයෙන් වන අතර ඔහුට ඕවර 4 ම යැවීමට ඒ අනුව සිදුවනු ඇත.

මේ අතර ඉන්දීය සංචාරය සඳහා තෝරා ගන්න ලද වේග පන්දු යවන්නා වන නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු ඉරිදා පුහුණුවීම් කිරීමේදී නැවතත් තුවාල ලබා තිබේ. ඔහු වෙනුවට පාකිස්තානු සංචාරයේදී පාදයේ කලව පිටුපස මස්පිඬුව ඉරීයාමට ලක්වූ කසුන් රාජිත කැඳවීමේ සූදානමක් පවතී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු විස්සයි-20 තරගය ජනවාරි 5 වැනිදා ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටි නුවරදී පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිතය – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ, ඕෂධ ප්‍රනාන්දු, දසුන් ශානක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, ඉසුරු උදාන, ළහිරු කුමාර, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.