වර්නන් පිලැන්ඩර් සමුගැනීමට තීරණය කරයි

එංගලන්තය සමඟ තරගාවලියෙන් අනතුරුව තමන් සමුගන්නා බව දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන වර්නන් පිලැන්ඩර් පවසයි. තිස්හතර හැවිරිදි ඔහු එක්දින වරම් ලබමින් ජාත්‍යන්තර පිටියට එක්වූයේ 2007 වසරේදීය. ටෙස්ට් තරග වෙනුවෙන් විශේෂණය වූ ක්‍රීඩකයෙක් ලෙසින් සැලකෙන ඔහු ඒ අතර කාලය තුළ ටෙස්ට් තරග 97කට ක්‍රීඩා කර ඇත. එක්දින තරග 30ක් හා විස්සයි විස්ස තරග 7කට ක්‍රීඩා කිරීමටද පිලැන්ඩර් සමත්ව තිබේ.

වේගවත්ම කඩුලු පනහ දවාගත් පන්දුයවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනියා වන වර්නන් පිලැන්ඩර් කඩුලු 100 දවාගත් වේගවත්ම ක්‍රීඩකයා ලෙසින්ද සැලකේ. කඩුලු 216ක් දවාගනිමින් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් හත්වැනි පන්දුයවන්නා ලෙස සැලකෙන්නේද පිලැන්ඩර්ය. ‘සහය දැක්වූ සැමට, බිරියට, පවුලේ සැමට, අම්මාට, අනුග්‍රාහකයන්ට වගේම හිතවතුන් සියලුදෙනාටත්, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා. රටට ක්‍රීඩා කරන්න අවස්ථාව උදාවීම ගෞරවයක්.’ යැයිද පිලැන්ඩර් පවසා ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.