විවෘත දුනු විදිමේ ශුරතාවය ගුවන් හමුදා කණ්ඩායම ට

ශ්‍රී ලංකා දුනු විදිමේ සංමය දෙවන වරටත් සංවිධාන කළ විවෘත දුනු විදිමේ පිරිමි මීටර් 70 කැඩෙට් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

තරගාවලිය පැවැත්වුනේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේදී යි.

දින තුනක් පුරා පැවති තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවන් 290 දෙනෙකු එක්ව සිටියා. කණිෂ්ඨ සහ කැඩෙට් යන අංශ දෙක යටතේයි තරග පැවැත්විය

මෙහිදි පිරිමි මීටර් 70 කැඩෙට් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වූ අතර එහි අනුශුරතාව දිනා ගත්තේ යුදහමුදාවයි. නාවික හමුදා කණ්ඩායම තුන්වන ස්ථානය දිනා ගත්තේය .

මීටර් 50 මිශ්‍ර තරගාවලියේ ශුරතාව හිමි කරගත්තේ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමයි. අනුශුරතාවය නාවික හමුදා කන්ඩායම ට හිමිවිය.

පාසල් ක්‍රීඩක ක්‍රිඩිකාවන් එක්වූ තරගාවලියේදී කොළඹ ආනන්ද විද්‍යාලය, ඩී එස් සේනානායක විද්‍යාලය සහ කාන්තා විද්‍යාලය දක්ෂතා දස්කම් දැක්විය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.