SAG 2019-සාග් ඉතිහාසයේ පළමු වරට කබඩි ක්‍රීඩකයෝ රිදී දිනති

ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම ඊයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව මෙලෙස දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ රිදී පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

කබඩි තරග බිමේ ප්‍රබලතම කණ්ඩායමක් වන ඉන්දියාව සමග පැවැති අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 51-18ක් ලෙස පරාජයක් හිමිවූ අතර තරගයේ පළමු අර්ධ නිමාවනවිටත් ඉන්දියාව පෙරමුණ ගත්තේ ලකුණු 28-11ක් ලෙසිනි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවූයේ ලෝකඩ පදක්කමයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.