ඓතිහාසික ටෙස්ට් ඉනිමෙන් පසු වෝනර් සිය හිස් වැසුම සහ අත් ආවරණ කුඩා දරුවෙකුට තෑගි කරයි

තම ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තම ත්‍රිත්ව ශතකයෙන් පසු තමන්ගේ හිස් වැසුම සහ අත් ආවරණ කුඩා දරුවෙකුට පරිත්‍යාග කිරීමේ පුවතක් මේ වනවිට ලෝකය පුරා කාගේත් අවධානයට යොමුව තිබේ.

අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී සුපුරුදු දක්ෂතා අතරට ඒමට අපොහොසත් වූ වෝනර්, පාකිස්තානය සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී ම ශතකයකින් තම ඉනිම වර්ණවත් කර ගනිද්දී, නැවතත් දෙවැනි ටෙස්ට් තරගයේදී තම ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 418කදී හයේ පහරක් සහ හතරේ පහර 39ක් සමගින් නොදැවී ලකුණු 335ක් රැස් කිරීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු 2012 වසරින් පසු ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර හිටපු නායක මයිකල් ක්ලාක් ඉන්දියාවට එරෙහිව 2012 වසරේ නොදැවී ලකුණු 329 ක් රැස් කිරීමට සමත් විය. එසේම වමත් පිතිකරුවෙකු ත්‍රිත්ව ශතකයක් වාර්තා කරන ලද්දේ 2014 වසරින් පසුව වීම ද විශේෂත්වයකි. මීට පෙර 2014 වසරේදී කුමාර් සංගක්කාර බංග්ලාදේශයට එරෙහිව ලකුණු 319ක් රැස් කිරීමට සමත් විය.

ඩේවිඩ් වෝනර් ලකුණු 335ක් ලබා ගනිමින් සිටියදී ටිම් පේන් සිය ඉනිම අත්හිටවුමින් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තිනයට ලබා දුන්නේය. සිය ත්‍රිත්ව ශතකය ලබා ගැනීමෙන් පසුව ක්‍රීඩාගාරය වෙත පියමන් කරමින් සිටි වෝනර්ගේන් කුඩා රසිකයෙකු කළ ඉල්ලීමකට අනුව ඔහුගේ හිස් ආව රණය ඔහුට පිරි නමමින් පිටියෙන් ඉවත්ව යනු කාගේත් සිත් දිනාගත් අවස්ථාවක් බවට පත්විය.

ඩේවිඩ් වෝනර් මීට පෙරද පසුගිය දා නිමාවට පත් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තමන්ට හිමි වූ තරගායේ වීරයා සම්මානයද කුඩා දරුවෙකු වෙත පරිත්‍යාග කරන පුවතක් වාර්තා විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.