ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරුවන් ග්‍රාන්ට් ෆ්ලවර් ට බාර දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ධූරයට සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායක ග්‍රාන්ට් ෆ්ලවර් පත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ග්‍රාන්ට් ෆ්ලවර් පාකිස්තාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් මීට පෙර කටයුතු කරනු ලැබීය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු දකුණු අප්‍රිකා ජාතික මිකී ආතර් ලබන මස 04 වනදා වැඩභාර ගැනිමට නියමිතයි. පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ මීකි ආතර්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරිමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කළේ නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ පාකිස්තානය 2017 වසරේදී අයිසීසී ශුරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ද හිමි කර ගත්තේය.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවිමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියා ජාතික ඩේවිඩ් සෙකර් පත් කිරිමටයි ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවද වාර්තා විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.