බංග්ලාදේශයට ඉනිමක සහ ලකුණු 46ක ජයක් ඉන්දියාවට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 46ක ජයක් වාර්තා කිරිමට ඉන්දිය කණ්ඩායම සමත් විය.

කොල්කටාහි ඊඩින් ගාඩින් ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පහර දුන් බංග්ලාදේශය සිය පලමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 106ක් රැස් කළේය.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 09ක් දැවී ලකුණු 347ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තිරණය කල අතර නායක විරාත් කෝලි ලකුණු 136 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ ස්ථාවරත්වය ගොඩ නැගීය.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 241 ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට දෙවන ඉනිම සදහා සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 195ක් පමණයි.

මෙම තරගාවලි ජයත් සමග ටෙස්ට් තරග හතරක් පිටපිට ඉනිමක ජයගත් පළමු රට ලෙස ලෝක වාර්තාවක් පිහිටුවිමට ද ඉන්දියාව සමත් විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.