45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – අයඳුම්පත් එවා තරගාවලියට සහභාගී නොවූ ක්‍රීඩකයන්ට වසර දෙකක තරග තහනමක්

ජාතික මහා ක්‍රීඩා උළෙලට අයදුම්පත් කැඳවූ නමුත් සහභාගී නොවු ක්‍රීඩකයන්ට වසර දෙකක තරග තහනමක් පැනවීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල මහතා කියා සිටියේය.

“ජාතික සංචිත වල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිසාවෙන් මෙම තරගාවලියට සහභාගී නොවන බව අපිට දැන්වූවා. ඒකට හේතුව මොනයම් හේතුවක් නිසා ආබාධා තත්වයක් පැමිණියොත් ඔවුන්ට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මගහැරෙන්න තියෙන අවස්ථාව වැඩි නිසා. ඔවුන්ගේනොපැමිණිම සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නැහැ. “

“ නමුත් ජාතික මහා ක්‍රීඩා උළෙලට නාමයෝජනා එවලා සහභාගී නොවුනු කොටසක් ඉන්නවා. ඒ නිසා අපි මෙවර චක්‍රලේකනයේම දැන්වූවා, නාමයෝජනා එවලා සහභාගී නොවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වසර දෙකක තරග තහනමක් පනවනවා කියලා. අපි ඒ දේ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා.

“ ඒ වගේම තමයි රාජ්‍ය ආයතන වලින් මේ ක්‍රීඩා උළෙලට එනවා කියාලා නිවාඩු ගනිපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉන්නවා. ඔවුන්ගෙනුත් මෙවර තරගාවලිය සඳහා සහභාගී නොවුනු අය වෙනුවෙන් ඒ ඒ ආයතන මට්ටමෙන් ක්‍රියාමාර්ගයක ගන්නා ලෙස අපි දන්වලා තියෙනවා. “

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.