45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – සබරගමුවට සහ බස්නාහිරට සහය දිවීමේ රන් පදක්කම්

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 100 4 තරග ඉසව්ව තත්පර 41.77 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනිමට සබරගමු පළාත් සහය දිවීමේ කණ්ඩායම අද ( 26 ) සමත් විය. එම තරග ඉසව්වේම කාන්තා රන් පදක්කම තත්පර 48.41 කින් අවසන් කළ බස්නාහිර පළාත් සහය දිවීමේ කණ්ඩායමට හිමි විය.

පිරිමි මීටර 100 4 ඉසව්වේ රන් පදක්කම සබරගමුව පළාත් කණ්ඩායම දිනා ගනිද්දී, එහි රිදී පදක්කම නැගෙනහිර පළාත් සහය දිවීමේ කණ්ඩායමට හිමි විය. එහි ලෝකඩ පදක්කම බස්නාහිර පළාත් කණ්ඩායමට දිනා ගත්තේය.

තත්පර 49.88 කින් අවසන් කරමින් කාන්තා අංශයේ රිදී පදක්කම දකුණු පළාත් කණ්ඩායම දිනා ගනිද්දී, තත්පර 49.89 කින් තරගය නිමකළ මධ්‍යම පළාත් කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.