T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 7ක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙවැනි වරටත් පැවැත්වීමට නියමිත ටී 10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 7 දෙනෙකු තරග බිමට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග, දසුන් ශානක සහ වනිදු හසරංග මරතා ඇබියන්ස් කණ්ඩායමට නියෝජනය කිරීමට නියමිත අතර, කුසල් ජනිත් පෙරේරා දිල්ලි බුල්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය.

පාකිස්තාන සංචාරයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ඩෙකෑන් ග්ලැඩියේටර් කණ්ඩායමටත්, නිරෝෂන් දික්වැල්ල් අබුඩාබි කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමට නියමිතය. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටින තිසර පෙරේරා බෙංගාල් ටයිගර් කණ්ඩායමට ක්‍රීඩා කිරමට නියමිතය.

තරගාවලිය නොවැම්බර් 15 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.