බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා හොකී රන් පදක්කම විශාඛා විද්‍යාලයට

බස්නාහිර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කොළඹ කෘතිම ක‍්‍රීඩාංගණයේදී පැවැති බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා වයස අවුරුදු 20 න් පහළ බාලිකා හොකී තරගාවලියට සහභාගි වූ සියලූම කණ්ඩායම් අභිබවමින් 2019 වසරේ ශූරතාව තහවුරු කරගන්නට කොළඹ විශාඛා විද්‍යාලය නියෝජනය කළ ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා තරග ඉතිහාසයේ පළමුවරට අදාල ශූරතා කුසලාන තහවුරු කරගන්නට කොළඹ විශාකා විද්‍යාලය නියෝජනය කළ ක‍්‍රීඩිකාවන් සමත් වීම විශේෂත්වයකි. ඉකුත් වසරේ ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වන්නට සිදු වූ වූ විශාඛා විද්‍යාලය මෙවර තරගාවලිය තුළ ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් අදාල ශුරතා කුසලාන දිනා ගැනීම ඒ අතර කැපී පෙනුණි .

පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට ක‍්‍රියාත්මක කරන ලද මෙවර තරඟාවලියේ මූලික වටයේ දී කොළඹ කාන්තා විද්‍යාලය ද අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ මියුසියස් විද්‍යාලය ද අවසන් පූර්ව වටයේ දී කොළඹ බිෂොප් විද්‍යාලය ද තීරණාත්මක අවසාන මහා තරගයේ දී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය ද පරාජයට පත් කරමින් බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා හොකී රන් පදක්කම දිනා ගැනීමට විශාඛාවියන්හට හැකි විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.