පාසල් ක්‍රිකට් – ජෝශප් සහ තර්ස්ටන් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පැවති තරගයන්හිදී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සි පළමු ඉනිමේ  ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුවද, එහි පළමු ඉනිමේ ජයක් ලැබීමට ජෝශප් විද්‍යාලයට හැකි විය. මාරිස්ටෙලා විද්‍යාලයට එරෙහිව දෙවැනි ඉනිමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අශේන් ඩැනියෙල් ලකුණු 37කට කඩුලු 6ක් බිද හෙලිම්න් පන්දුවෙන් දස්කම් දැක්වීය.

වත්තල ශාන්ත ආන්තෝනි විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවද පළමු ඉනිමේ ජයක් ලැබීමට කොළඹ තර්ස්ටන් විදයාලයට හැකියාවට ලැබිණ. තර්ස්ටන් විදයාලය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ පුන්තිල සමන්කුමාර ලකුණු 38කට කඩුලු 6ක් බිද හෙලීය.

 

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගය කටුනේරියේදී

මාරිස්ටෙලා විද්‍යාල පළමු ඉනිම –  සියලු දෙනාදැවී ලකුණු 169

(තිළිණ පෙරේරා 37, ශාන් විජේසිංහ 30, දුනිත් වෙල්ලාලගේ 35/3, ලක්ෂාන් ගමගේ 43/3 )

ජෝශප් විද්‍යාල පළමු ඉනිම – සියලු දෙනා දැවී ලකුණු 231

( ෂෙරාන් ෆොන්සේකා 76, අශේන් ඩැනියෙල් 58, ජොහැන්ද සිල්වා 57, තිළිණ පෙරේරා 57/3 )

මාරිස්ටෙලා විද්‍යාල දෙවැනි ඉනිම – සියලු දෙනාදැවී ලකුණු 112

(චෙමිදු වීරවංශ 43, නවීන් ප්‍රනාන්දු 21, අශේන් ඩැනියෙල් 37/6, ශලින්ද සෙනවිරත්න 31/3 )

ජෝශප් විද්‍යාල දෙවැනි ඉනිම – කඩුලු 4කට ලකුණු 49

( දුනිත් වෙල්ලාලගේ 24, තිළිණ පෙරේරා 27/2 )

ශාන්ත ජෝශප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය.

වත්තල ශාන්ත ආන්තෝනි සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය කොළඹදී

ආන්තෝනි විද්‍යාල පළමු ඉනිම – සියලු දෙනා දැවී 183

( සඳුන් මඳුශංක 56, නිසල් සිල්වා 37, පුන්තිල සමන්තකුමාර 38/6, භවන්ත ජයසිංහ 46/2 )

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – සියලු දෙනා දැවී ලකුණු 185

( ධනංජය සිල්වා 42, අවිශ්ක කෞෂල්‍ය 40, කවීශ දුලංජන 61/5, අමිත් සංදීප 34/2 )

ආන්තෝනි විද්‍යාල දෙවැනි ඉනිම – කඩුලු 6කට ලකුණු 115

( කණිෂ්ක ගිම්හාන 36, රොමේෂ් සුරංග නොදැවී 32, භවන්ත ජයසිංහ 15/3 )

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.