ශ්රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා චතුරංගී ජයසූරීය සිය කණ්ඩායමේ නායකත්වයෙන් මෙන්ම ශ්රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එහෙත් ඇය තවදුරටත් දේශීය තරගාවලියන්හිදී දැක ගැනීමට හැකිබව පවසා සිටියාය.
ශ්රී ලංකා දැල්පන්දු ජාතික කණ්ඩායමට 2010 වසරේ සිට සිය සහභාගීත්වය ලබාදෙන චතුරංගී ජයසූරිය තමන් සුදුසුම අවධියේදී ක්රීඩාවෙන් සමු ගැනීමට තිරණය කළ බව වැඩිදුරටත් පවසා සිටියාය. ඇය ක්රීඩා දිවියෙන් සමුගන්නේ, ඇය දක්ෂතා අතර සිටින කාලයක වුවද, පෞද්ගලික ජීවිතයට ද වැඩි ඉඩක් වෙන් කිරීමේ අරමුණින් ජාතික තලයෙන් ඉවත් වීමට තීරණය කළ බව කියා සිටියාය.
මේ වනවිට ශ්රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නිරත වන ඇය බලගණ දුතිතන්වරියක් වශයෙන් කටයුතු කරනු ලැබේ.

Be the first to comment