ලෝක කුසලාන රග්බි – සැමෝවා පැරදූ ස්කොට්ලන්තය පළමු ජය ලබයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ සැමෝවා කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 34 – 0 ක විශිෂ්ඨ ජයක් ලැබූ ස්කොට්ලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද ( 30 ) සමත් විය. “ ඒ “ කාණ්ඩයේ තරගයක් වූ මෙය ජපානයේ ෆුකුඕකා ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

පළමු අර්ධය අවසානයේ ලකුණු 20 – 0 කින් පෙරමුණ ගත් ස්කොට්ලන්ත කණ්ඩායම, තරගයේ අවසානය තෙක්ම එකදු ලකුණුක්වත් රැස් කිරීමට සැමෝවා කණ්ඩායමට අවස්ථාවක් ලබා නොදුන්නේය. එය මෙවර තරගාවලියේ මෙතෙක් පැවති තරග 18 අතරින් ප්‍රතිවාදීන්ට එකදු ලකුණක්වත් රැස් කිරීමට අවස්ථාව ලබා නොදෙමින් තරගයක් ජයගත් පළමු තරගය බවට පත්විය. පළමු අර්ධයේදී උත්සාහක දිනුම් 2ක්, ප්‍රවර්ථනයන් 2ක් සහ දඩුවම් පහරක් සමගින් ස්කොට්ලන්තය ලකුණු රැස් කිරීම ආරම්භ කළේය.

සිය දෙවැනි අර්ධයේදී දඩුවම් පහර දෙකක් සඳහා හිමි වූ අවස්ථා ද්විත්වයම සාර්ථක කර ගනිමින් තවත් උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ ස්කොට්ලන්තය තරගයේ සම්පූර්ණයෙන්ම ඔවූහූ වෙත හරවා ගැනීමට සමත් වූයේ ලකුණු 34 – 0 පරාජයක් සැමෝවාවන්ට උරුම කර දෙමිනි.

මේ වනවිට ඒ කාණ්ඩයේ සියලුම කණ්ඩායම් තරග 2 බැගින් ක්‍රීඩාකර ඇති අතර, සත්කාරක ජපානය ඔවුන් සහභාගී වූ තරග ද්විත්වයම ප්‍රසාද ලකුණක් සමගින් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඒ කාණ්ඩයේ පෙරමුණ ගනිමිනි. අයර්ලන්තය,ස්කොට්න්තය සහ සැමෝවා යන කණ්ඩායම් පිළිවෙළින් දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථානයන්හි පසුවෙයි. රුසියානු කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරග 2ක පරාජය වී ඇති අතර ඔවුන්ට මෙම සටහනේ හිමිව ඇත්තේ අවසන් ස්ථානනයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.