ලෝක කුසලාන රග්බි තරගාවලිය – ජයග්‍රාහී ආරම්භයකින් නවසීලන්තය තරගාවලියට පිවිසෙයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ  “ බී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති දකුණු අප්‍රිකා නවසීලන්ත තරගයෙන් ලකුණු 23 – 13 කින් ජය ගැනීමට වත්මන් රග්බි පිටියේ ලෝක ශූරයන් වන නවසීන්ත කණ්ඩායම අද ( 21 )  සමත් විය. මෙම තරගය ජපානයේ ඔසකාහිදී පැවැත්විණි.

2015 වසරේ රග්බි කිරුළ දිනාගත් නවසීලන්තය ආරම්භක තරගයම ජය ගනිමින් මෙවර තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.

පළමු අර්ධයේදී ලකුණු 17 – 3 කින් පෙරමුණ ගත් නවසීලන්තයට දෙවැනි අර්ධයේදී දකුණු අප්‍රිකාවෙන් යම් පීඩනයක් එල්ල වුවද එය සූක්ෂමව නවතා ගත් නවසීලන්ත ඉදිරි ආරක්ෂක වළල්ල තරගයේ අවසානය තෙක් සුපුරුදු රිද්මය තබා ගැනීමට සමත් විය. ඒ අනුව නවසීලන්තය වෙනුවෙන් ජෝර්ජ් බ්‍රිඩ්ජ්, ස්කොට් බැරට් උත්සාහක දිනුම් වාර්තා කිරීම සමත් වූහ. රිකී මොන්ගාට ලැබුණු ප්‍රවර්ථනයන් දෙකද සාර්ථක කර ගනිමින් නවසීලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 4ක් එකතු කරනු ලැබුවේ අවශ්‍යම මෙහොතේ නිසි ඉලක්කය ලබා ගනිමිනි. නවසීලන්තයට ලැබුණු දඩුවම් පහර තුනද සාර්ථකව ගෝල කණු අතරින් පතිත වීමට ඉඩ සැලසූ රිකී මොන්ගා සහ බියුදීන් බැරට් නවසීලන්තයේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් සැපවූහ.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් වාර්තා වූ  එකම උත්සාහක දිනුම වාර්තා කිරීමට පීටර් ස්ටෙෆ් සමත් විය. ඒ අනුව හැන්ඩ්‍රි පොලාඩ් එක් ප්‍රවර්ථන අවස්ථාවක් සහ දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් දකුණු අප්‍රිකාවේ ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට සමත් වූවද, එවිටමත් තරගයේ ජය නවසීලන්තය සතු වී අවසන්ය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.