ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාවට 14 වැනි තැන

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය හමුවේ තරග වට 3-2 කින් පරාජය වීමත් සමග මෙවර තරගාවලියේ 14 වැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය.

මෙවර තරගාවලිය සඳහා ආසියානු මහද්වීපය නියෝජනය කරමින් කණ්ඩායම් 16ක් ඉදිරිපත් වූ අතර එහි 13 වැනි සහ 14 වැනි ස්ථාන තෝරාපත් කර ගැනීමේ තරගය අද පැවැත්විණි. එහිදි ශ්‍රී ලංකාව පරාජයට පත්කළ ඕමාන් කණ්ඩායම මෙවර තරගාවලියේ 13 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

කරට කර තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු වටය ලකුණු 26- 24 කින් ජය  ගැනීමට සමත් වුවද, දෙවැනි වටයේදී ඕමානය හමුවේ ලකුණු 25 – 16 කින් පරාජය වීමට සිදුවිය. යළිත් සුපුරුදු රිද්මයට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තෙවැනි තරග වටය ලකුණු 25 – 17 කින් ජය ගනිමින් තරග වට 2-1 කින් පෙරමුණ ගැනීමට සමත් විය.

එහෙත් තීරණාත්මක සිව්වන තරග වටයේදී නැවතත් ඕමානය හමුවේ පසු බැසීමට සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරග වටය ලකුණු 25 – 18 කින් පරාජය වීමට සිදුවිය.ඒ අනුව නියමිත තරග වට 4 අවසානයේ තරග වට 2-2 කින් සම වීම නිසා නැවතත් පස්වන තරග වටයකින් ජයග්‍රාහාකයා තෝරාගැනීමට සිදුවිය.

නමුත් පස්වන හා තීරණාත්මක තරග වටයද ලකුණු 15 – 12කින් ඕමානය ජය ගැනීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සුපුරුදු 14 වැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.