බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රේග් බ්රැත්වෙයිට්ගේ පන්දු යැවීම සැක සහිත බවට විනිසුරුවන් සනාථ කර තිබේ. ඔහු කොදෙව් කණ්ඩායමේ සහය පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරන අතර පසුගියදා නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට් තරගය අතරවාරයේ මෙලෙස චෝදනාවට ලක්විය.
බ්රැත්වෙයිට්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ඔප්පු වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු මීට පෙර 2017 වසරේ එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී ද චෝදනාවට ලක්විය. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුගේ පන්දු යැවීමේ නිවරදි බවට සනාථ කිරීමත් සමග ඔහුට නැවතත් පන්දු යැවීමට අවස්ථාව හිමි විය.
පසුගියදා ඉන්දියාවට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉෂාන්ට් ශර්මාගේ කඩුල්ල දවා ගැනීමට බ්‍රැත්වෙයිට් කටයුතු තළ අතර, ඔහු මේ වනවිට ඉනිම් 37 කදී ටෙස්ට් කඩුලු 18ක් බිද හෙලා තිබේ.
ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවරදි දැයි පරික්ෂා කිරීම මේ මස 14 වැනිදා පැවැත්වේ.

Be the first to comment