කුසල්ට සහ ෂෙහාන්ට තෙවැනි තරගය අහිමිවන ලකුණු

නවසීලන්තයට එරෙහිව පැවැති දෙවැනි විස්සයි 20 තරගයේ අවසන් පන්දුවාරයේ පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරිය උඩ පන්දුවක් රැකීමට යාමට උත්සාහ කිරීමේදී එකිනෙකා ගැටීම හේතුවෙන් ආබාධයට ලක් වූ අතර ඒ අනුව තෙවැනි විස්සයි 20 තරගයට ඔවුන් දෙදෙනාගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ( 04 ) නිල වශයෙන් නිවේදනය කළේය.

ෂෙහාන් ජයසූරියගේ තත්ත්වය එතරම් බරපතල නොමැති වුවද, කුසල් මෙන්ඩිස්ගේ ආබාධ තත්ත්වය තරමක් දරුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකරු අසන්ත මෙල් මහතා සඳහන්කර තිබේ.

දෙදෙනාගේම දකුණු පාදයන්ට ආබාධ සිදුව ඇති අතර කුසල් මෙන්ඩිස් අද දිනයේ එම්. ආර්. අයි ස්කෑන් පරික්ෂාවට ලක්කර තිබේ.

Sri Lanka

කෙසේ නමුත් මෙම ආබාධ ක්‍රීඩකයන් වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයන් තෙවැනි තරගයට නම් නොකරන බවද අසන්ත මෙල් මහතා සදහන් කර තිබේ.

නවසීලන්ත කණ්ඩායම මේ වනවිට තරග 2-0 කින් තරගාවලිය ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගය අනිද්දා ( 06) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.