පන්දුවේ සැක හැරගන්න අකිල ධනංජය ඉන්දියාවට

පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව දෙවන වරටත් චෝදනා ලැබූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පරීක්ෂණයක් සඳහා චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානය වෙත අද (28) පිටත්වීමට නියමිතයි.

එහිදී අකිල ගේ පන්දු යැවීමේ ක්‍රියාව නැවත ඇගයීමට ලක් කරනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු නොමැති හෙයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් නිලධාරී ජරොම් ජයරත්න අකිල සමඟ පිටත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.

අගෝස්තු 18 වන දින ගාල්ලේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී අකිල සහ නවසීලන්ත නායක කේන් විලියම්සන් නීතිවිරෝධී පන්දු යැවීමේ ක්‍රියාවක් සම්බන්ධයෙන් තරග විනිසුරුවන් වාර්තා කර තිබුණි.

වාර්තා වී දින 14 ක් ඇතුළත දනංජය නැවත ඇගයීම් පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර වාර්තාව නිල වශයෙන් නිකුත් කරන තුරු ක්‍රීඩා කිරීමට අවසර දෙනු ලැබේ.

පසුගිය වසරේ අගභාගයේදී එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරයේදී ධනංජය වාර්තා වූ අතර ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම නිල වශයෙන් තහනම් විය.

එවකට දඟ පන්දු යවන පුහුණුකරු පියල් විජේටූන් සමඟ ඔහු චෙන්නායි හිදී පරීක්ෂාවට ලක් කරන ලද අතර, මේ වසරේ පෙබරවාරි මැද භාගයේදී අකිල නිදහස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පිටවර ගත්තේය

ටෙස්ට් තරග 6 කදී ටෙස්ට් කඩුලු 33 ක් දවාගෙන ඇති ධනංජය එක් දින තරග 36 කදී එක්දින කඩුලු 51 ක් දවාගෙන ඇති අතර විස්සයි 20 තරග වලදී කඩුලු 16 ක් දවාගෙන තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.