ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය නිපුන් ධනංජයට 

ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත්  සංවිධානය කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන්  ක්‍රිකට් සංචිතය අද (27) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. 

කණ්ඩායමේ නායකත්වය නිපුන් ධනංජයයට හිමිව ඇති අතර, උප නායකයා වශයෙන් කමිල් මිෂාර කටයුතු කිරීමට නියමිතය. 

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා ඉන්දියාව, පකිස්තානය , බංග්ලාදේශය ,ඇෆ්ගනිස්තානය , නේපාලය , කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය. 

තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත අතර අවසන් මහ තරගය සැප්තැම්බර්   14 වැනිදා පැවැත්වේ. 

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම

නිපුන් ධනංජය ( නායක ), නවෝද් පරණවිතාන , කමිල් මිෂාර, අෂාන් වික්‍රමසිංහ , අවිශ්ක තරිඳු, රෂාන්ත ද සිල්වා, අභිෂේක් කහඳූවාරච්චි, රොහාන් සංජය, අශේන් ඩැනියෙල් , සඳුන් මෙන්ඩිස්, කවිඳු නදීෂාන්, යසිරු රොද්‍රිගෝ, ඩිල්ෂාන් මඳුශංක, චමිඳු විජේසිංහ , අම්ෂි ද සිල්වා 

අතිරේක – චමිඳු වික්‍රමසිංහ , සොනාල් දිනූෂ, දිලුම් සුධීර තිලකරත්න , චිහාන් කලිඳු 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.