දැල්පන්දු ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග කිහිපයකට

ශ්‍රී ලංකා කණ්ඩායම ඇකඩමි දැල්පන්දු ක්‍රීඩා සමාජය , අක්ටෝනියස් දැල්පන්දු ක්‍රීඩා සමාජය , මිචෙන්දන් ක්‍රීඩා සමාජය සමනග මෙන්ම කුම්බ ලැන්ඩ් ක්‍රීඩා සමාජය සමඟ තරග වැදුණු අතර පුහුණු තරග මාලාවේ අවසන් තරගය ජුලි 6 වෙනිදා සරේ ස්ට්‍රොම් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි

ශ්‍රී ලංකා කණඩායම ලෝක කුසලානයට පෙර බොට්ස්වානා හි සංචාරය කරමින් අප්‍රිකානු රටවල ක්‍රීඩා රටාවන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත් බව කණ්ඩායම් පුහුණුකාරිනි තිලකා ජිනදාස ගේ අදහසයි.

” අපි තරගාවලිය හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ මුලික අභිප්‍රාය වෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 10 වන ස්ථානය දක්වා ඉහල පැමිණීමයි” තිලකා දැඩි විශ්වාසයකින් යුක්තව පවසයි.

ශ්‍රී ලංකාව තරගාවලියට සතියකට පෙර එංගලන්තයට ලඟාවිය . නමුත් බලාපොරොත්තුවූ දිනයට ශ්‍රී ලංකාවට එංගලන්තයට පිවිසීමේ හැකියාව උදා නොවූ අතර විසා ලැබීමේ ප්‍රමාදය ඊට හේතුවිය.

ආසියානු ශුරියන් ලෙසින් ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට එක්වන්නේ ඉමහත් බලාපොරොත්තු සහිතවයි.

ශ්‍රී ලංකාවට මුලික වටයේ ප්‍රතිවාදීන් ලෙස සිම්බාබ්වේ, නොදර්න් අයිලන්ඩ් සහ ඔස්ට්‍රේලියාව මුණ ගැසීමට නියමිතයි.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ලබන ජුලි 12 ද සිට 23 දක්වා පැවැවීමට නියමිතයි

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.