සත්කාරක එංගලන්තයත් අවසන් පූර්ව වටයට !

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම එරෙහිව පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 119 ක විශිෂ්ට ජයක් ලැබූ සත්කාරක එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සුදුසකම් ලබා ගැනීමට අද ( 03 ) සමත් විය.

ඒ අනුව නවසීලන්තයට අවසන් පූර්ව වටයේ අසුන් ගැනීමට නම්, බංග්ලාදේශය හා පකිස්තානය අතර තරගයේ අවසන් තීරණය එනතුරු බලා සිටීමට සිදුවනු ඇත. එහෙත් පවතින තත්ත්වය මත අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩිම වාසිය පවතිනුයේ නවසීලන්ත කණ්ඩායමටයි. පකිස්තානයට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඔවුන් බංග්ලාදේශය ලකුණු 316 කින් පමණ පරාජය කළයුතු වේ.

ලකුණු 306 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 186ක් පමණි.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ටොම් ලේතන් ලකුණු 57 ක් රැස් කලද සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාවටත් ලගා වීමට නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

පන්දු යැවීමේදී මාක් වුඩ් ලකුණු 34 කට කඩුලු 3ක් බිද හෙලීය.

කාසියේ වාසියජය ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 305ක් රැස් කිරීමට සමත් විය.

එංගලන්ත ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ජොනි බෙයාර්ස්ටොව් සහ ජේසන් රෝයි පළමු කඩුල්ල සඳහා ලකුණු 123 ක සාර්ථක සබඳතාවයක් ගොඩ නගමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළහ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිටම දෙවැනි ශතකයත් වාර්තා කළ ජොනී බෙයාර්ස්ටොව් පන්දු 99කදී ලකුණු 106ක් රැස් කිරීමට සමත් විය. එයට හයේ පහරක් සහ හතරේ පහර 15ක් ඇතුළත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ජේසන් රෝයි පන්දු 61කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 60 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට්, මැට් හෙන්රි සහ ජේමී නීෂම් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එංගලන්තය යන කණ්ඩායම් මේ වනවිටත් අවසන් පූර්ව වටය සඳහා සුදුසකම් ලබා අවසන්ය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.