ඉන්දියාව එංගලන්තයට පරාජය වුයේ උවමනාවෙන්ද?

 

එංගලන්තය සහ ඉන්දීය කණ්ඩායම අතර පැවත්වුනු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගය පිළිබඳව යම් සැක මතුවන තත්ත්වයක් උදාවී තිබේ.

මෙම තරගය ඉන්දීය කණ්ඩායම හිතාමතා පරාජය වූ බවට කටකතා පැතිර යමින් තිබේ . කෙසේ වෙතත් මෙය මුදලට තරග පාවාදීමකට වඩා එක්තරා කණ්ඩායමක් අවසන් පූර්ව වටයෙන් ඉවත් කර තැබීම සඳහා වූ ‘උපායමාර්ගික පරාජයක් ‘ විය හැකි බවට ඇතැම් විචාරකයන් ගේ අදහසයි.

මන්දයත් මෙසේ ඉන්දියාව පරාජයට පත්වීම ඉන්දියාවේ අසල්වැසි රටවලට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම දුෂ්කර වනු ඇත.

නමුත් කොයි ආකාරයේ හිතාමතා පරාජයක් වුවත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජිව ගුණයට විරුද්ධ ය. ඉන්දීය කණ්ඩායම අදාළ තරගය ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ක්‍රීඩා විචාරකයින්ද පුදුමයට පත්ව තිබේ.

“එය ඔබ කවුරුන්ද යන්න නොවේ .. ඔබ ජීවිතයේ කරන දේ ඔබ කවුරුන්ද යන්න නිර්වචනය කරයි .. පාකිස්තානය අවසන් පූර්ව වටයට පැමිණියත් නැතත් මට ගැටලුවක් නැත, නමුත් එක දෙයක් ස්ථිරයි .. ශුරයන් කිහිප දෙනෙකුගේ ක්‍රීඩා හැකියාව පරීක්‍ෂාවට ලක් වූ අතර ඔවුන් අසාර්ථක විය” හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ වකාර් යුනුස් සිය ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් එවන් අදහසක් දක්වා ඇත.

අදාල තරගය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දුෂණ මර්ධන ඒකකය විසින් සිදුකල යුතු බව විචාරකයින් පෙන්වා දෙයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.