රිෂිත පිලිපීනයේ ඔල්සොන් පරදා රන් පදක්කම දිනා ගනියි
හොංකොංහි පැවැත්වෙන නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය. අවසන් තරගයේදී පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරාජය කරමින් ඔහු මෙම රන් පදක්කම දිනා ගත්තේය.
