ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් පොතට ලෝක වාර්තාවක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ (26) පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්විය.. ඒ බටහිර ඉන්දීය කොදෙව් තරගයේදී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 345 ට එක් හයේ පහරක් හෝ ඇතුලත් නොවීම නිසායි.

ක්‍රිකට් තොරතුරු විශ්ලේෂකයක් වන රාජ්නේෂ් ගුප්තා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ ක්‍රිකට් ඉතිහාසයේ එකදු හයේ පහරක් හෝ එල්ල නොකට රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය බවයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද පැවති දෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 345ක් රැස් කරනු ලැබීය .

කුසල් මෙන්ඩිස් (119) සහ අවිශ්ක ප්‍රනාන්දු (127) ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල සඳහා ලකුණු 239 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිමේදී පිතිකරුවන් විසින් හතරේ පහරවල් 33ක් එල්ල කරනු ලැබූ අතර එකඳු හයේ පහරක් හෝ ඊට අයත් වුයේ නැත .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.