රමේෂ් මෙන්ඩිස්ගෙන් ත්‍රිත්ව ශතකයක්

ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුවර්ස් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන පළමු පෙළ තරගයකදී මුවර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන රමේෂ් මෙන්ඩිස් එහිදී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

පස්වන පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස් එහිදී පන්දු 270කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 28 කින් නොදැවී ලකුණු 300 ලබා ගැනීමත් සමග සිය පළමු ඉනිම අත්හිටුවමින් පන්දුවට පහර දීමට මිගමුව ක්‍රීඩා සමාජයට ආරාධනා කර සිටියේය. රමේෂ් මෙන්ඩිස්ගේ ත්‍රිත්ව ශතකයත් සමගින් මුවර් ක්‍රීඩා සමාජය සිය පළමු වෙනුවෙන් කඩුලු 8කට ලකුණු 652ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන ලැබීය.

එයට පිළිතුරු පළමු ඉනිම ඇරඹූ මීගමුව ක්‍රීඩා සමාජයට සියලුදෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 306ක් පමනි. තෙවැනි දිනය වන අද දිනට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කරමින් සිටින මීගමුව ක්‍රීඩා සමාජය කඩුලු 5ක් දැවී  ලකුණු 317 ක් ලබා සිටියේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.