ඉන්දියාව 5 – 0 කින් විස්සයි 20 තරගාවලිය ජය ගනියි

රොහිට් ශර්මාගේ ප්‍රවේගකාරී  පිතිහරඹයත් ජස්ප්‍රිට් බෘම්රාගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ  නවසීලන්තයට එරෙහිව පැවැති පස්වන සහ අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද  ( 02 ) සමත් විය. ඒ අනුව තරග 5කින් සමන්විත වූ විස්සයි 20 තරගාවලිය තරග 5 – 0 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

දෙපිළෙහිම නිත්‍ය නායකයින්දෙපළ මෙම තරගයට සහභාගී නොවූ අතර, ඒ අනුව ඉන්දීය කණ්ඩායම රොහිට් ශර්මා විසින් මෙහෙයවද්දී, ටිම් සවුති විසින් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලැබීය.

ඉන්දීය කණ්ඩායමේන් ලබාදුන් ලකුණු 164 ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක්දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 156ක් පමණි.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රොස් ටේලර් හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජස්බ්‍රිට් බෘම්රා නියමිත පන්දුවාර 4 අවසානයේ ලකුණු 12කට කඩුලු 3ක් බිද හෙලමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවා ගියේය. ඔහුට අනගි සහයක් ලබාදුන් නව්දීප් සයිනි සහ ශර්දුල් තකූරු අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය නායක රොහිට් ශර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3කට ලකුණු 163ක් රැස් කිරීමට සමත් විය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක රොහිත් ශර්මා පන්දු 41කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වූ අතර කේ එල් රාහුල් ලකුණු 45ක් ලබා සිටියදී හමිෂ් බෙනට්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

පන්දු යැවීමේදී ස්කොට් කග්ලෙජින් ලකුණු 25කට කඩුලු 2ක්බිද හෙලීය.

ඉන්දියාව – පන්දුවාර 20 කදී කඩුලු 3කට ලකුණු 163

( රොහිත් ශර්මා 60, ලෝකේෂ් රාහුල් 45, ස්කොට් කග්ලෙජින් 25/2 )

නවසීලන්තය – පන්දුවාර 20 කදී කඩුලු 9කට ලකුණු 156

( රොස් ටේලර් 53, ටිම් සෙෆර්ට් 50, ජස්ප්‍රිට් බෘම්රා 12/3 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.