හොංකොං යන ශ්‍රී ලංකා දැල් පන්දු පිලේ වෙනස්කම්

තිසාලා අල්ගම යළිත් ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතයට (දකුණේ )

හොංකොං හී පැවැත්වෙන සිවුකොන් නෙට්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ ක්‍රීඩිකාවන් 15කගෙන් සමන්විත සංචිතය නම්කර තිබේ

එහි විශේෂත්වය වන්නේ එම කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් 3ක් එක්කර තිබීම කැපී පෙනේ.

මන්දිරා චාරුනී හා දුෂානී බණ්ඩාර මේ සංචිතයට අලුතින් එක්ව ඇති අතර ඔවුන් ජාතික කනිෂ්ට කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් වීම විශේෂයි. මිට අමතරව සමෘද්ධි අබේගුණවර්ධණ ද නවක මුහුණක් ලෙස ජාතික කණ්ඩායමට වරම් දිනා ගෙන තිබේ .

පසුගිය ආසියානු නෙට්බෝල් ශූරතාවලියට සහභාගීවූ එලිලන්තිනි සේතුකාවලර් ඉවතට ගොස් තිබේ.

ජාතික නෙට්බෝල් සංචිතයේ සිටි ක්‍රීඩිකාවන් 36ක් අතුරින් 20ක් තෝරාගත් අතර පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති තේරීම් පරීක්ෂණයකදී ක්‍රීඩිකාවන් 15ක් තෝරා ගැණුනි.

තිසාලා ආගමනය

වසර ගණනාවකට පසු ගෝල් ෂූටර් තිසාලා අල්ගම යළිත් ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතයට එක්ව සිටීම කැපී පෙණුනි. ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඇයට ආසියානු හා ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලි දෙකම අහිමිවී ගියාය.

නව නායකත්වයක් ?

වසර 2018දී ආසියානු ශූරතාව දිනාගත් නෙට්බෝල් පිල හා මේ වසරේ නිමාවට පත්වූ ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවූ චතුරාංගනී ජයසූරිය දැනට ජාතික නෙට්බෝල් සංචිතයේ නොමැති හෙයින් නව නායිකාවක් තෝරා ගැනීම හොංකොං සිවුකොන් නෙට්බෝල් තරගාවලියට පෙර සිදු කෙරේ.

මේ වසරේ ජූලි මාසයේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලියට පෙරහුරුවක් ලෙස පැවැත්වෙන හොංකොං සිවුකොන් නෙට්බෝල් තරගාවලිය පෙබරවාරි මාසයේ පැවැත්වෙන අතර එම තරගාවලියට ශ්‍රී ලංකාව, කෙන්යාව, තායිලන්තය හා හොංකොං යන කණ්ඩායම් සහභාගී වෙති.

ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියට ඉදිරිපත්කර ඇති ශ්‍රි ලංකා නෙට්බෝල් සංචිතය මෙසේය.

ගයනි දිසානායක, දර්ශිකා අබේවික්‍රම, ගයංජලි අමරවංශ, නවුජලි රාජපකෂ, හසිතා මෙන්ඩිස්, තිලිණි වත්තේගෙදර, දුලංගා ධනංජි, තර්ජනි සිවලිංගම්, ගයත්‍රි කෞෂල්‍යා, මන්දිරා චාරැනි, දුශානි බන්ඩාර, දුලංගි වන්නිතිලක, සමෘද්ධි අබේගුණවර්ධන, තිසාලා අල්ගම, සුරේකා කුමාරි

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.