SL vs PAK – ඓතිහාසික ටෙස්ට් තරගාවලියේ ජය පාකිස්තානයට

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චිහිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 263 ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානය අද ( 23 ) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස ජයගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට  සිය දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 212 ක් පමණි.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සියල්ලෝම තමන්ගේ කාර්යය නිසිකාරව ඉටු නොකරද්දී, සිය සිව්වන ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු පමණක් ලකුණු අතරට පිවිසෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ එකම ලකුණු ලාභියා බවට පත් විය. එහිදී ඕෂධ ප්‍රනාන්දු සිය ටෙස්ට් දිවියේ මංගල ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් වූ අතර එහිදී ඔහු ලකුණ 102 ක් ලබා ගැනීමට සමත් විය.

සිවුවැනි දිනය වූ ඊයේ (22 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 212 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට එකදු ලකුණක් හෝ අලුතින් එක්කර ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ.

අද දිනයේදී යැවූ පළමු පන්දුවේදීම ලසිත් ඇඹුල්දෙණිය දවාගැනීමට සමත් වූ නසීම් ෂා, ඉන් නොනැවතී විෂ්ව ප්‍රනාන්දුගේ කඩුල්ලද දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්කළේය. ඊයේ දිනයේදී සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් ඕෂධ ප්‍රනාන්දු දැවී ගියේ යසීර් ෂාගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි අසාද් ශෆීක් අතට උඩ පන්දුවක් දෙමිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය  ලාබල ක්‍රීඩක නසීම් ෂා ලකුණු 31 කට කඩුලු 5 ක් බිද හෙලීමට සමත් විය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – පන්දුවාර 62.5 කදී සියලු දෙනා දැවී ලකුණු 212

( ඕෂධ ප්‍රනාන්දු 102, නිරෝෂන් දික්වැල්ල 65, නසීම් ෂා 31/5 )

පාකිස්තාන දෙවැනි ඉනිම පන්දුවාර 131කදී කඩුලු 3කට ලකුණු 555

( අබිඩ් අලී  174, ෂාන් මසූද් 135, අසාර් අලී 118,  බාබර් අසාම් නොදැවී 100, ළහිරු කුමාර 139/2 )

ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවා 85.5 කදී සියලු දෙනාදැවී  ලකුණු 271

දිමුත් කරුණාරත්න 25, දිනේෂ් චන්දිමාල් 74, ධනංජය ද සිල්වා 32, දිල්රුවන් පෙරේරා 48, ෂහීන් අෆ්රිඩී 77/5,  මොහොමඩ් අබාස්  55/4  )

පාකිස්තාන පළමු ඉනිම පන්දුවාර 59.3කදී සියලු දෙනා දැවී ලකුණු 191

( අසාද් ෂෆික් 62, බාබර් අසාම් 60, අබිඩ් අලී 38, ළහිරු කුමාර 49/4, ලසිත් ඇඹුල්දෙණිය 71/4, විශ්ව ප්‍රනාන්දු 31/2 )

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.