කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 3 ක්

ස්වීඩනයේ පැවති කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයන් විශේෂ දස්කම් දැක්වීමට සමත්විය .

කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකා පාසල් බොක්සිං ක්‍රිඩකයින් සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි. ස්විඩනයේ බෝරාස් ජාත්‍යන්තර බොක්සිං කවයේ පැවති තරගාවලියට රටවල් 19ක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 460 දෙනෙකු එක්ව සිටියහ.

එහිදි කිලෝග්‍රෑම් 81 බර පන්තිය යටතේ තරග වැදුනු යාපනය හාර්ට්ලි විද්‍යාලයේ වින්ක්නේශ්වරන් සනුජන් රිදි පදක්කමක් දිනා ගත් අතර අවසන් තරගයේ දී ඔහු හමුවේ පරාජයට පත් වුයේ ස්විඩනයේ මොහොමඩ් හැනුන් ක්‍රිඩකයායි.

කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ තරග කළ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ඉසුරු හංසජ සහ කිලෝග්‍රෑම් 50 බරපන්තියෙන් යටතේ තරග කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අටාබ් මන්සිලු යන ක්‍රිඩකයින් දෙදෙනා ද රිදි පදක්කම් දිනා ගැනිමට සමත් වුහ.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්රෝදකයන් 7 දෙනෙක් සහභාගී විය .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.