ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වැඩ භාරගනී.

කේ .ඩි .එස්. රුවන්චන්ද්‍ර -ඡායාරුපය -මානෙල් ධර්මකීර්ති

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ලෙස කෘතහස්ත පරිපාලන නිලධාරියකු හා විශිෂ්ට තානාපති නිලධාරියකු වන කේ .ඩි .එස්. රුවන්චන්ද්‍ර පත්කර තිබේ.

අභිනව ලේකම්වරයා අද (28) උදැසන ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති චාම් උත්සවයකදී සිය රාජකාරි ආරම්භ කළේය.

ක්‍රීඩා අමාත්‍යංශයට අමතරව යෞවන කටයුතු අමාත්‍යාංශයද ඔහුගේ විෂය පථයට එක්වේ

මිට පෙර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරද හෙබවූ හෙතෙම රාජ්‍ය ආයතන කිහිපයක සේවය කර ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය සහ රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය එම ආයතන අතර වේ.

කේ .ඩි .එස්. රුවන්චන්ද්‍ර වසර පහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) උපදේශකයෙකු ලෙස ද සේවය කරයි. ඔහු චීනයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ සහ රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක සේවය කළ ජෙෂ්ට නිලධාරියෙකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ විශේෂ උපාධියක් ලබා ඇති අතර සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.