ශ්‍රී ලංකාවේ ටෝකියෝ ඔලිම්පික් රග්බි සිහිනය බොඳ වෙයි

වසර 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබා ගන්නා දෙවැනි රට තෝරාගැනීමට දකුණු කොරියාවේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයෙන් ප්‍රබල හොංකොං පිල පරදවා ලකුණු 12-7ක විස්මිත ජයක් වාර්තා කළ දකුණු කොරියාව ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට ආසියාවෙන් රටවල් දෙකකට අවස්ථාව ලැබෙන අතර සත්කාරක ජපානයට නිතැනින්ම එම ස්ථානය හිමිවූ බැවින් සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වූයේ ඒ සඳහා සුදුසුකම් ලබන දෙවැනි රට තෝරාගැනීම වෙනුවෙනි.

ඒ අනුව දකුණු කොරියාව ඔලිම්පික් වරම් දිනා ගනිද්දී ශ්‍රී ලංකා පිල පස්වැනි තැනට පත්විය. පිලිපීනය හමුවේ ලකුණු 24-17කින් පරාජයට පත්වී කුසලාන වටයේ බලාපොරොත්තු බිඳ දමාගත් ශ්‍රී ලංකා පිලට අවසානයේදි මැලේසියාව ලකුණු 14-7ක ජයක් වාර්තා කරමින් පළඟ ශුරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

දකුණු කොරියාවේ ඉන්චේන් නුවර නැම්ඩොං ඒසියාඩ් පිටියේ ඊයේ නිමාවට පත්වූ මේ තරගාවලියේ ‘සී‘ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පිල මූලික වටයේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 26-5කින් පරාජයට පත් කළත් දකුණු කොරියාව සමග පැවැති දෙවැනි තරගයේදී ලකුණු 44-7ක දැවැන්ත පරාජයක් අත්විඳ ගත්තේය.

ඒ අනුව කුසලාන වටයෙන් ඉවතට විසිවූ ශ්‍රී ලංකා පිල පළඟ ශූරතා අවසන් මහා තරගයට එක්වූයේ අවසන් පූර්ව තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 40-0කින් පරාජයට පත් කරමිනි. ලකුණු 19-14කින් පිලිපීනය පරාජය කළ චීනයට තුන්වැනි ස්ථානය හිමිවිය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.