ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පදක්කම් 3ක්

පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැති ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේදී මිලි මීටර් 9 නිෂ්පාදන අංශය යටතේ සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා තරුෂි මේකලා එම කණ්ඩායම නියෝජනය කළ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ලෙෆ්ටිනන් ලියනාරච්චි, කාන්තා සෙබල කෞෂල්‍යා සහ කාන්තා සෙබල දෙව්මිණි ක්‍රීඩිකාවන්ද මේ කණ්ඩායමට ඇතුළත් වූහ.

මේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කැප්ටන් සරත් ඩි සොයිසා (විශ්‍රාමික) සහ කළමණාකරු ලෙස ලෙෆ්ටිනන් කර්නල් ජයනාත් පෙරේරා මහත්වරු කටයුතු කළහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.