සර්ෆාස් අහමඩ්ට අගමැති ඉම්රාන් ඛාන්ගෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාව සමඟ පැවැති පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස පරාජයවූ පසු ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරග අංශ තුනෙන්ම ඉවත්කළ පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සර්ෆාස් අහමඩ්ට දේශීය තරග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන ලෙස එරට අගමැති ඉම්රාන් ඛාන් යෝජනා කරයි.

හිටපු ක්‍රිකට් නායකයාට වැදගත්වන උපදේශයක් ලබාදෙමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජාතික කණ්ඩායමට පැමිණීමට ප්‍රථම ටික කාලයක් දේශීය තරගවලදී දක්ෂතා දැක්විය යුතු බවයි. ‘ටී.20 තරග රටාවෙන් ක්‍රීඩකයන්ගේ දක්ෂතාව මනින්න බෑ. සර්ෆාස්ට නැවත කණ්ඩායමට එන්න පුළුවන්. ඒකට ඔහු කළ යුත්තේ දේශීය තරග ගැන වැඩිපුර අවධානය යොමුකිරීමයි.’ යැයි ඉම්රාන් ඛාන් පවසයි.

රැස ඇසුරෙනි 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.