පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඓතිහාසික තරගාවලි ජයක් ලැබූ දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් බැගින් පිරි නැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මේ බව අවධාරණය කළේය.
තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර එක් ක්‍රීඩකයෙකු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50 000 බැගින් ප්රදානය කිරීමට නියමිතව තිබුනද, තම ජීවිත පරදුවට තබමින් මෙම සංචාරයට එක්ව විස්සයි 20 තරගාවලිය තරග 3 – 0 කින් පරාජය කිරීමත් සමග එම මුදල දෙගුණ කර ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.ඒ අනුව එක් ක්‍රීඩකයෙකුට ඇමරිකානු ඩොලර් ලක්ෂය බැගින් හිමිවනු ඇත.

Be the first to comment