ශ්‍රී ලංකා පාකිස්තාන විස්සයි 20 තරගාවලිය හෙට ( 05 ) ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය හෙට ( 05 )  ලාහෝර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙද්දී, සෆ්රාස් අහමඩ් විසින් පාකිස්තාන කණ්ඩායම මෙහෙයවනු ලැබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පරාදා තරග 2 -0 කින් එක්දින තරගාවලිය ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් විස්සයි 20 තරගාවලියට පිවිසෙන්නේ එකී ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුවය.

ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව අහමඩ් ෂෙශාඩ් සහ උමර් අක්මාල් නැවතත් කණ්ඩායමට කැදවීමට පාකිස්තාන තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.