මොහොමඩ් මිතුම් සහ ජහරුල් ඉස්ලාම් බංග්ලාදේශ ඒ ඉනිම ගොඩ නගති

සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (29) ආරම්භවූ පළමු නිලනොවන ටෙස්ට් තරගය පළමු දිනට අවසන් විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 270 ක් රැස්කිරීමට සමත්විය.

බංග්ලාදේශ ඉනිමේ ගොඩ නැගූ මොහොමඩ් මිතුම් ( 92 ) සහ ජහරුල් ඉස්ලාම් ( 90 ) අර්ධ ශතක රැස් කරමින් පළමු දිනයේ වාසිය ඔවුහු වෙත හරවා ගත්හ.

පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් ලකුණු 42කට කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුවද, සෙ‍සු පන්දු යවන්නන්ට සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට අවස්ථාවක් හිමි නොවූහ.

අද ( 30 ) තරගයේ දෙවැනි දිනයයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.