චමරි අතපත්තුගේ හුදකලා සටන අපතේ යයි

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව සිය විස්සයි 20 ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කරමින් චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළද, අවසන් මොහොතේ ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 42ක පරාජයක් ලැබීමට අද ( 29 ) සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 218 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී  රැස්කර ගතහැකි වූයේ ලකුණු 176ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම ලකුණු ලාභිනිය වූ නායිකා චමරි අතපත්තු, සිය විස්සයි 20 ක්‍රිකට් දිවියේ මංගල ශතකය මෙන්ම එවන් දක්ෂතාවයක් කළ පළමු ශ්‍රී ලාංකීක ක්‍රීඩිකාවට බවට පත් වෙමින් පන්දු 66 කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් සමගින් ලකුණු 113ක් රැස් කිරීමට සමත් වූවාය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රෙලියා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 217ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ බෙත් මූනි, පන්දු 61කදී හතරේ පහර 20ක් සමගින් ලකුණු 113ක් රැස් කිරීමට සමත් විය. ඇයට අනගි සහයක් ලබාදුන් ඇලීසා හේලි ( 43) සහ ඇෂ්ලෙග් ගාර්ඩ්නර් ( 49 ) බැගින් රැස් කිරීමට සමත් වූහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.