ශ්‍රී ලංකා පාකිස්තාන් පළමු තරගය වැස්සට සේදෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර කරච්චි නුවරදී අද (27 ) පැවැත්වීමට නියමිත තිබූ පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර තිබේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 3.30ට ආරම්භ වීමට නියමිතව තිබුණද, තරගයට ආරම්භ වීමටත් පෙරම ක්‍රීඩාංගණයට ඇද හැළුණු දාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකියාවක් නොලැබුණි. එහෙත් වර්ෂාව අවසන් වුවද, ක්‍රීඩාංගණයේ තෙත ස්වභායක් ගැනීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට තරක තීරකවරු තීරණය කළහ.

දෙරට අතර දෙවැනි එක්දින තරගය මේ මස 29 වැනිදා පැවැත්වේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.