ශ්‍රී ලංකා – පකිස්තාන් ක්‍රිකට් තරගාවලිය නරඹන්න පාකිස්තාන නායකයාගෙන් එරට රසිකයන්ට ආයාචනා

මේ මස 27 වැනිදායින් ( සිකුරාදා ) ඇරඹෙන ශ්‍රී ලංකා පාකිස්තාන් එක්දින තරගාවලිය නැරඹීමට එරට දේශිය ක්‍රිකට් රසිකයන්ට පැමිණෙන ලෙස පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් ආරාධනා කර තිබේ. එහිදී ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ, මෙවර තරගාවලිය සඳහා විශාල සෙනගක් කරච්චි නුවරට පැමිණෙනු ඇති බව ඔහු අපේක්ෂා කරන බවයි.

2009 වසරින් පසු පාකිස්තානය සම්පූර්ණ එක්දින හා විස්සයි 20 තරගාවලියකට සිය සත්කාරකත්වය සපයනු ලබන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන නායක සෆ්රාස් අහමඩ් කියා සිටියේ ,

“ මට සිකුරාද වෙනතුරු ඉවසිල්ලක් නැහැ. ඒ දිනය කවදාවත් අමතක වෙනේකම් නැහැ. මම හිතනවා මට පසුපසින් විශාල සෙනගක් අපිව දිරිගන්වන්න ඒවි කියලා. අපිට විතරක් නොවෙයි, අපිට මේ අවස්ථාව ලබාදුන් ප්‍රතිවිරුද්ධ සගයන්ටත් ඔවුන් දිරිගන්වන්නන් බවට පත්වේවි යැයි සෆ්රාස් අහමඩ් කියා සිටියේය.

තරග 3කින් යුත් එක්දින තරගාවලිය පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැත්වීමට නියමිත අතර විස්සයි 20 තරගාවලිය ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.