ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාව සහ ඕමානය 13 වැනි තැනට තරග වදියි

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ 13 වැනි සහ 14 වැනි ස්ථාන තෝරාපත්කර ගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද (20) පැවැත්වේ.

ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගී වූ තරග ත්‍රිත්වයම පරාජයට පත්වීමත් සමග මුල් ස්ථාන සඳහා ඒමට අවස්ථාවක් හිමි නොවුනද, දෙවැනි වටයේ සහභාගී වූ තරග ත්‍රිත්වයම ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් දක්ෂතා අතරට ඒමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාට 13 වැනි ස්ථානය දිනා ගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්ය වේ.

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි වටයේ පැවති තරගයේදී තරග වට 3-1 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත් වූ අතර ඒ අනුව අද දිනයේදී ඔවුන්ට එරෙහිව සාර්ථක තරග රටාවක් පෙන්නුම් කරමින් මෙවර තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කරනු ඇති බව කාගේත් විශ්වාසයයි.

අද පැවැත්වෙන සෙසු තරග

5 – 8 ස්ථාන සඳහා

ඉන්දියාව සහ චීන තායිපේ අතර අවසන් පූර්ව තරගය

පකිස්තානය සහ චීනය අතර අවසන් පූර්ව තරගය

කොරියාව සහ ඉරානය අතර අවසන් පූර්ව තරගය

ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර අවසන් පූර්ව තරගය

9 – 10 ස්ථාන සඳහා

කටාරය සහ කසකස්තානය අතර තරගය

11 – 12 ස්ථාන සඳහා

ඉන්දුනීසියාව සහ තායිලන්තය අතර තරගය

15 වැනි සහ 16 වැනි ස්ථාන සඳහා

හොංකොං සහ කුවේටය අතර තරගය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.