ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය – හංසනි ගෝමස්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක්

තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලිමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට කාන්තා කිලෝග්‍රෑම් 49 බර පන්තිය නියෝජනය කළ හංසනි ගෝමස් සමත් වූවාය.

එහිදි ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 72ක බරක් උසවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර,එම ඉසව්වවේම ක්ලීන් ඇන්ඩ් පර්ක් ක්‍රමයට කිලොග්‍රෑම් 85ක බරක් උසවමින් තවත් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය. ඒ අනුව ඇය සමස්ත ඉසව්වේදීම ඔසවා ඇති බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 157 කි. මීට පෙරද ඇය විසින්ම මෙම වාර්තාව තබා තිබූ අතර ඒ අනුව එම වාර්තාව අලුත් කිරීමට ගෝමස්ට හැකියාව ලැබිණ. කෙසේ නමුත් ඇයට මෙම තරගාවලියේදී හිමි වූයේ 11 වැනි ස්ථානයයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.