ඉතිහාසයේ අදවැනි දිනක – යුවරාජ්ගේ හයේ 6ට වසර 12 යි

ඉන්දීය කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන  යුවරාජ් සිං මංගල විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී පන්දු 6කින් හයේ පහර 6ක් එල්ල කරමින් තැබූ වාර්තාවට අදට (19)  වසර 12ක් සපිරෙයි.

2007 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති මංගල විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී පැවති තරගයකදී එංගලන්තයේ ස්ටුවට් බ්‍රෝඩ්ට මෙලෙස හයේ පහර 6ක් එල්ල කරමින් මෙම වාර්තාව තමන් සතුකර ගැනීමට යුවරාජ් සිං සමත් විය. විස්සයි 20 ක්‍රිකට් පිටියේ එවන් දක්ෂතාවයක් කළ පළමු ක්‍රීඩකයා බවට ද යුවරාජ් සිං ඉතිහාසයට එක්විය. එම හයේ පහර 6ත් සමගින් විස්සයි 20 පිටියේ වේගවත්ම අර්ධ ශතකය රැස් කිරීමට ද යුවරාජ් සිංට හැකියාව ලැබිණ. ඒ සඳහා ඔහුට වැයවූයේ පන්දු 12ක් පමණි.

ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 218ක් රැස් කිරීමට සමත් විය. එයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 200ක් පමණි. මෙහිදී ඉන්දීය කණ්ඩායමට ලකුණු 18ක ජයක් හිමි වූ අතර යුවරාජ් සිංගේ එම විශිෂ්ඨ පිතිහරඹය නොතිබෙන්නට ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීම හීනයක් වන්නට තිබිණ. අවසන් පූර්ව වටයේදී ඕස්ට්‍රේලියාව ලකුණු 15කින් පරාජයට පත්කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ඉන්දියාව, පකිස්තානයද පරාජයට පත්කරමින් මංගල විස්සයි 20 ලෝක කුසලානය ඉන්දියාවට දිනා දුන්නේය.

https://www.youtube.com/watch?v=55jHYooSgMo

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.